මහත්වරුනි! තවත් කියන්න... අප
අහන් ඉන්නම්!
අපට දැනෙනා ආකාරයට මේ කුඩුකාරයා අතිවිශේෂ කුඩුකාරයෙකි. "සික් එකට" ගෙයකට පැන මොනවා හෝ හොරකම් කරන කුඩුකාරයෙකුගේ අසලකින්වත් ඔහුව තැබිය හැකි නොවේ. ඔහු සූක්‌ෂමය. සැලසුම් සහගතය. ලෝකයේ සිටින සැලසුම් සහගත විචක්‌ෂණම කුඩුකාරයා ප්‍රියන්ත මැන්ඩිස් දැයි සිතෙන තරමටම බුද්ධිමත්ය.
දැන් අප මේ කතාවට සවන් දීමට සූදානම් විය යුතුය.
රටේ ආරක්‌ෂක මර්මස්‌ථානයක හෙවත් අධිආරක්‌ෂිත කලාපයක පිහිටි කොළඹ ජාතික කෞතුකාගාරය බිඳ අතිශයින් වටිනා කෞතුක භාණ්‌ඩ තොගයක් රැගෙන කිසිම හෝඩුවාවක් ඉතිරි නොකර පසුගිය මාර්තු 17 වැනිදා සෙනසුරාදා අතුරුදන්වූ දක්‌ෂ කුඩුකාරයා දැන් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
එදා කෞතුකාගාරය බිඳ මේ දක්‌ෂ කුඩුකාරයා සොරකම් කළ භාණ්‌ඩ අතර රන් කාසි 93 කුත්, වසර දෙදහස් පන්සීයක ඉතිහාසයක් සහිත ජාතියක් සතුව තිබූ වසර එක්‌දහස් හත්සියයක් පමණ පැරණි මිල කළ නොහැකි එකම එක හස්‌මුද්දත්, රන් සමරු කාසි තුනක්, මහනුවර යුගයට අයත් කාසි සහ සමරු කාසි පනහකුත්, කොපුව සහිත කඩු පහක් හා කොපුව රහිත කඩු තුනකුත්, රන් රිදී පිත්තල වලින් නිර්මිත මුදු දහඅටක් හා පුරාණ බස්‌තමක උඩ කොටස් දෙකකුත් නුගවෙල අදිකාරම්ගේ රන්මුවා කෙඳිවලින් කළ බඳපටිත් විය. මේ සියල්ල හොරකම් කරගෙන විදුලි බුබුලක් සේ ආලෝකවත් කර ඇති ජාතික කෞතුකාගාරයේ දෙවන මහලෙන් ඇඳ රෙද්දක් ආධාරයෙන් බැස, භූමිය හරහා ඇවිදගෙන ගොස් හෙතෙම අතුරුදන් වී තිබුණේය.
සොරකම් කරනු ලැබූ පුරාණ කෞතුක භාණ්‌ඩ සංඛ්‍යාව 221 විය. "ඉතා සූක්‌ෂම ලෙස" ත්‍රි රෝද රථයක පටවාගත් මේ කෞතුක භාණ්‌ඩ සහිතව කොළඹ පුරා කරක් ගැසීමටත් "ඉතා සූක්‌ෂම ලෙස" මහ දවල් මාලිගාවත්ත අවට ඒවා අලෙවි කිරීමටත් මේ දක්‌ෂ කුඩුකාරයාට හැකි වී තිබූ බව පොලිස් වාර්තා වලින්ම හෙළිවිය. කුඩුකාරයාට කුඩු ගැසීමට රුපියල් හාරදහක් දී කෞතුක භාණ්‌ඩ ලබාගත් පාතාල නායකයෙක්‌ද, ලක්‌ෂ කීපයක් දී රන් කාසි, රන්මුදු හා රිදී කඩු ලබාගත් මාලිගාවත්තේ රත්තරන් බඩු සාප්පුකාරයන් දෙදෙනෙක් ද දැන් ඉන්නේ පොලිස් අත්අඩංගුවේය. එහෙත් මේ ලියන මොහොත වනවිටත් දක්‌ෂ කුඩුකාරයා අතුරුදන්ය. දැන් අප කියන්නේ පොලිසිය විසින් අපට කියනා ආකාරයට කෞතුකාගාරය කොල්ලකෑ ඒ අරුම පුදුම කුඩුකාරයා සොයාගත් හැටිය.
පොලීසියේ කතාව
පසුගියදා කොටහේන පොලීසිය විසින් කප්පම් කල්ලියක් ඇල්ලූවේය. දසදෙනකුගෙන් සමන්විත මේ කප්පම් කල්ලිය වරායේ වෙන්දේසි වලින් භාණ්‌ඩ මිලදී ගැනීමට පැමිණෙනා ව්‍යාපාරිකයින් පැහැරගෙන ගොස් කප්පම් ගත්හ. ජාවාරම පසුපස රේගුවේ නිලධාරීහු පි§රිසක්‌ද වූහ. ජාවාරමේ ප්‍රධානියා වූයේ බිල්ඩර් ප්‍රසාද් නමැත්තෙකි. මේ තැනැත්තා මාලිගාවත්ත බෝධිරාජ මාවතේ "ජිම් එකක්" පවත්වාගෙන ගොස් තිබිණි. ඔහුගේ පිටතින් පෙනෙන ව්‍යාපාරය එය විය.
බිල්ඩර් ප්‍රසාද් නමැත්තා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරද්දී ඔහු ළඟ තිබී එල්.ටී.ටී.ඊ ය විසින් භාවිත කළ ඔවුන්ගේ ලකුණුද කොටා තිබූ මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක් පොලිසියට හමුවිය. මේ පිස්‌තෝලය එල්.ටී.ටී.ඊයෙන් ලබාගෙන මුලින්ම භාවිත කර තිබුණේ කැලණිය ප්‍රදේශයේ එක්‌තරා කුප්‍රකට ඇමැතිවරයෙකි. ඔහුගෙන් පසුව ඔහු විසින්ම කොළඹ නගර සභාවට හඳුන්වා දුන් වූ පාතාල කුඩ්ඩෙක් සේ ප්‍රකට නාගරික මන්ත්‍රීවරයෙක් ළඟ මේ කුඩා පිස්‌තෝලය තිබී ඇත. බිල්ඩර් ප්‍රසාද් නමැත්තාට එය ලබා දෙන්නේ ඒ කුඩුකාර නාගරික මන්ත්‍රීවරයාය.
මේ තැනැත්තා සතුව තවත් ආයුධ ඇතැයි සැක කළ කොටහේන පොලීසිය ඔහුගේ මාලිගාවත්ත නිවස වට කළේය. කොටහේන පොලිසියේ ස්‌ථානාධිපති හේමන්ත ඕවිටිගලත් අපරාධ අංශයේ ස්‌ථානාධිපති කෝසල නවරත්නත් මෙහෙයුමට මුල් වූහ. බිල්ඩර් ප්‍රසාද් යම් තරමකට කෞතුක භාණ්‌ඩ එකතු කරන්නෙක් බව කියෑවිනි. ඔහුගේ නිවස සෝදිසි කරනා විට පැරණි කඩු තල කොටසක්, පැරණි කඩුවක මිටවල් කීපයක් කළුපැහැති උරයක දමා නිවසේ කැබිනට්‌ටුව මත තිබෙනු පොලීසිය දැක තිබිණි. නමුත් ඔවුහු ඒ පිළිබඳව අවධානය යොමු නොකළහ.
අවස්‌ථා ගණනකදී නිවස සෝදිසි කිරීමට පැමිණීම නිසා මේ පුරාණ භාණ්‌ඩ කොටස් ප්‍රශ්නයක් ඇති කරනු ඇතැයි නිවැසියෝ සිතූහ. ප්‍රසාද්ගේ වැඩිමහලු දරුවා දහඅට වියෑතිය. ඔහුගේ පෙම්වතිය ජීවත් වන්නේ කැලණිය ප්‍රදේශයේය. තරුණයා මේ කෞතුක භාණ්‌ඩ කීපය කවරය පිටින්ම පෙම්වතියගේ නිවසට යවනු ලැබුවේය. මේ කෞතුක භාණ්‌ඩ දැක කලබල වන ඒ නිවැසියෝ පිළිsයන්දල ප්‍රදේශයේ ත්‍රී රෝද රථ රියෑදුරෙකුට ඒම කවරය ලබාදී එය බොල්ගොඩ ගඟට හෝ විසිකර යන ලෙස දන්වා තිබිණි. ඒ පොලිසිය කියන කතාවේ එක් කොටසකි.
අනතුරුව මේ රියදුරා එම භාණ්‌ඩ බොල්ගොඩ ගඟට විසිකරනු වෙනුවට පිළියන්දල පොලීසියට ලබා දෙන බවත් පිළිsයන්දල පොලීසියට සැක සිතී යම් කෞතුකාගාර නිලධාරියකුට පසුගිය සිකුරාදා (17 දා) එම භාණ්‌ඩ පෙන්වා ඒවා සම්බන්ධව විමසූ බවත්, ඔහු එම භාණ්‌ඩ කෞතුකාගාරයේ නැතිවූ භාණ්‌ඩ ලෙස හඳුනා නොගත් බවත් පැවසිනි. අනතුරුව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‌ෂක ආර්. එල් රණවීර වෙත මෙම භාණ්‌ඩ යොමු කර තිබිණි. ඔහු කෞතුකාගාර සහකාර අධ්‍යක්‌ෂක වරයාට මෙම භාණ්‌ඩ පෙන්වා ඒවායේ අනන්‍යතාවය තහවුරු කරගත් ආකාරය පිළිබඳ තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ විසින් වාර්තා කළේය.
මේ හඳුනාගැනීමත් සමග පොලිසිය කෞතුකාගාරයේ නැතිවූ භාණ්‌ඩ සම්බන්ධව බිල්ඩර් ප්‍රසාද්ගෙන් ප්‍රශ්න කරන්නේය. ඔහුට අනුව ඔහුට මේ භාණ්‌ඩ ලබාදෙන්නේ ප්‍රියන්ත මෙන්ඩිස් නමැති කුඩුකාරයෙකි. බිල්ඩර් ප්‍රසාද් නමැත්තා එම භාණ්‌ඩ රැගෙන තිබුණේ රුපියල් හාර දහසකටය. ඔහුගෙන් මේ කුඩුකාරයාව ලඟින්ම ඇසුරු කළ ත්‍රි රෝද රථ රියදුරෙකුගේ තොරතුරු ලැබිණි. ත්‍රී රෝද රථ රියදුරා වැලිගම පදිංචිකරුවෙකි.
වැලිගමට ගොස් ඔහුව අත්අඩංගුවට ගත් පසු මාලිගාවත්ත බෝධිරාජ මාවතේ රත්තරන් බඩු කඩයක් පවත්වාගෙන යනු ලබන අයෙකුට ප්‍රියන්ත මෙන්ඩිස් නැමැති කුඩුකාරයා භාණ්‌ඩ තොගයක් විකිණූ බවට තොරතුරු හෙළිදරව් විය. මේ අඳබාල මුදලාලි ලඟ පුරාණ මැණික් ගල් පනස් තුනක් තිබිණි. රන් පගෝදි හයක්, කපා දැමු රිදී කඩුවල කොටස් ඔහු ළඟ තිබී හමුවිය. ජාතිය සතුව තිබූ එකම හස්‌මුද්දත් මිලදී ගෙන තිබුණේ මේ අඳබාලයාය. ඒ අවියත් මිනිසා මේ උත්තම ජාතික සම්පත විනාශකර එහි රන්පවුම් භාගයක් වත් නොමැති රත්තරන් ටික රැගෙන මුද්දට සවිකළ කානේලියන් ගල පමණක් ඉතිරි කරගෙන සිටියේය. මොහු කුඩුකාරයාගෙන් මෙම භාණ්‌ඩ මිලදීගෙන තිබුණේ රුපියල් පහලොස් දහසකටය.
තවදුරටත් විමසීමේදී කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ තවත් ස්‌වර්ණාභරණ වෙළෙන්දෙක් අත්අඩංගුවට පත්වූයේය. ඔහු ළඟ රන් කාසි 26 ක් තිබී ඇත. මේ මොහොත වනවිට ඒ සියල්ල උණුකොට හමාරය. රිදී කඩු තිබී ඇත. එම කඩුවල රිදී තල කැබලි වලට කපා මිටිබැඳ තිබෙද්දී හමුවූ බව කියෑවිනි. මේ අපරාධ පරීක්‌ෂණ කාර්යය පිටුපස කොළඹ අපරාධ පරීක්‌ෂණ කොට්‌ඨාශයේ ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට හා පොලිස් පරීක්‌ෂක ජනක කුලරත්න වූ බව වාර්තා විය. එහෙත් කතාවේ පැනෙනා දක්‌ෂ කුඩුකාරයා වන ප්‍රියන්ත මෙන්ඩිස් තවම අත්අඩංගුවට ගෙන නැත. අපගේ විශ්වාසය අනුව දිගහැරෙමින් මේ කතාව රසවත් වන්නේ ඔහු පොලිස් අත්අඩංගුවට පත්වූ පසුය.
අපට කියන්නට ඇති කතාව
කෞතුකාගාරය කොල්ල කන්නේ පසුගිය මාර්තු මස 16 වන සිකුරාදා සිට 17 වන සෙනසුරාදා අලූයම දක්‌වා කාලය තුළය. මේ කාලය තුළ කෞතුකාගාරයේ දෙවන මහලට ඇතුළුවන්නෙක් එහි ආයුධ හා කලා කෘති මැදිරිවලටත්, කාසි සහිත කුටි වලටත් ඇතුළුවී අල්මාරි හයක් බි`ඳී. සමහර අල්මාරි යතුරු මගින් අරී. අනතුරුව පුරාවස්‌තු කොල්ල කනු ලබයි. කොල්ලකෑමට ලක්‌වන පුරාවස්‌තු වල වැඩි ප්‍රමාණයක් අයත්වූයේ නුගවෙල අදිකාරමටය. උඩට ඇතුළුවූ පසු ඇති දොරවල් වලින් යකඩ ආවරණයක් රහිතව තිබෙන්නේ එක් දොරක් පමණි. එම දොර නිවැරදිව තෝරාගෙන එය කඩා දමා එළියට එන කොල්ලකරුවා අනතුරුව විදුලි බුබුලක් සේ ආලෝකවත් කර ඇති කෞතුකාගාර ගොඩනැගිල්ලේ දෙවන මහලෙන් ඇඳ ඇතිරිල්ලක් ආධාරයෙන් පහළට බසී. ඒ සඳහා වන විශ්වාසයක් හා ආරක්‌ෂකයින්ගේ හැසිරීම පිළිබඳ දැනුමක් කොල්ලකරුවාට තිබේ. එබැවින් ඔහු මේ අධි ආරක්‌ෂිත කලාපයේ තමන්ට අනාරක්‌ෂිත ස්‌ථාන මගහැර කොල්ලකා ගත් බඩුත් රැගෙන පලායයි.
තවත් ඉතා අසිරිමත් කාරණාවක් ඇත. කෞතුකාගාරයේ සී.සී.ටී.වී කැමරා පද්ධතිය පසුගිය මාර්තු 15 වැනිදා අලූයම 1 සිට අක්‍රීය වෙයි. මේ වග ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්‌ෂකවරියවත් දන්නේ නැත. මේ සොරකම කරනු ලබන සොරා හොරකම කරන්නේ මේ කැමරා පද්ධතියට අසුනොවන්නටය. එමෙන්ම ඔහු මේ කොල්ලයේදී වැරදීමකින් හෝ දුරකථන ඇමතුමක් ගන්නේ නැත. එය දුරකථන ජාල පරීක්‍ෂාවේදී කොටුවීමට ඇති ඉඩකඩ අහුරා ගැනීමටය. එමෙන්ම පොලීසියම කියා තිබූ ආකාරයට කඩා දැමූ මැදිරිය තුළ බීඩි කොට තිබේ. වෙළුම් පටි තිබේ. තොප්පියක් හමුවෙයි. එල්ලී බැස පලාගිය ඇඳ ඇතිරිල්ල හමුවේ. මේ සාධක පිළිබඳ උපරිම තාක්‌ෂණය යොදා පරීක්‌ෂණ පැවැත්වීමට අධිකරණ නියෝගද ලැබේ. වාර්තා වන්නේ එපමණය.
සිද්ධිය සම්බන්ධව පරීක්‌ෂණ කිරීමට ගෙනා පොලිස් නිල සුනඛයින් බීඩිකොට ඉවකර දිවයන්නේ කෞතුකාගාරයේ මුරකරුවන්ගේ මුර කුටියටය. පොලිසිය නිගමනය කරන්නේ මේ සියලූදේම පරීක්‍ෂණ නොමග යෑවීමට කළ උපක්‍රම බවය. අනතුරුව කොල්ලය ගැන කිසිම තොරතුරක් සොයාගත නොහැකිවන ආකාරය පොලීසිය අධිකරණයටත් වාර්තා කරන්නේය. සැකකරුවන් සොයාගැනීමට පරීක්‍ෂණ භාර සමහර නිලධාරීන් අංජනම් බලන්නටත් යන්නේය. කොළඹ දෙවනත් කරමින් අපරාධකරුවන් සොයන්නේය.
මේ කොල්ලයට සම්බන්ධ යෑයි කියනා ප්‍රියන්ත මැන්ඩිස් නමැති කුඩුකාරයා ගැන පොලිසිය තොරතුරු සොයාගන්නේ මේ අතරය. මේ කුඩුකාරයා විසින් ත්‍රී රෝද රථයක දමාගෙන කොළඹ වටේ කරක් ගසා විකිණු කෞතුකාගාරයේ භාණ්‌ඩ මාලිගාවත්ත අවටින් සොයාගන්නේත් ඒ සමගය. තවමත් මේ කුඩුකාර ප්‍රියන්ත මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට පත්වී නැත.
අපට දැනෙනා ආකාරයට මේ කුඩුකාරයා අතිවිශේෂ කුඩුකාරයෙකි. "සික් එකට" ගෙයකට පැන මොනවා හෝ හොරකම් කරන කුඩුකාරයෙකුගේ අසලකින්වත් ඔහුව තැබිය හැකි නොවේ. ඔහු සූක්‌ෂමය. සැලසුම් සහගතය. ලෝකයේ සිටින සැලසුම් සහගත විචක්‌ෂණම කුඩුකාරයා ප්‍රියන්ත මැන්ඩිස් දැයි සිතෙන තරමටම බුද්ධිමත්ය. කුඩු කාරයෙකුටත් වඩා ඔහු සමීපවන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ අයිතිකරුවාටය. ඔහු එපමණම හො`දින් කෞතුකාගාරය දනී. සී.සී.ටී.වී. අක්‍රිය කිරීම, නිවැරදිව කඩා දැමිය යුතු දොර තෝරා ගැනීම, මුර කරුවන්ගේ හැසිරීම ඔහු මනාකොට දනී.
පෙළගැසෙන මේ සිද්ධි දකින විට කුමක් කිවයුතුදැයි නොතේරේ. කසිප්පු මුදලාලි හිරේ නොයවා ඌ වෙනුවෙන් උසාවියට ගොස් අච්චු විඳීම රස්‌සාව කරගත් මිනිස්‌සු මේ රටේ ගම්වලත් ඕනෑ තරම් සිටිති. කසිප්පු මුදලාලි වෙනුවෙන් හිරේ යැම ඒ මිනිස්‌සුන්ගේ රස්‌සාවය. මේ සරල ප්‍රායෝගික අත්දැකීම් සහිත අප ඉදිරියට මහා කෞතුකාගාර කොල්ලයේ අතිශූර කොල්ලකාරයා ලෙස ප්‍රියන්ත මැන්ඩිස් නම් කුඩුකාරයා ඉදිරිපත් කරසිටී.
දේශපාලන බලපෑමක් රහිතව වැසිකිලියකටවත් යා නොහැකි රටක කෞතුකාගාර කොල්ලය පිටුපස දේශපාලන හස්‌තයක් ඇතැයි සැක කරන පරිනත දේශපාලනඥයෙක්, ජාතික හෙළ උරුමය වැනි දේශපාලන පක්‌ෂයක නායකයෙක්, ජාතික උරුමයන් පිළිබඳ සංවේදී දේශපාලනයක් කරනු ලබන සම්භාවනාවට පත් වියත් යතිවරයෙක් වූ ඕමල්පේ සෝභිත හිමියන්ගේ ප්‍රකාශය පිළිකුලෙන් හෙළා දකින්නට තුට්‌ටු දෙකේ පොලිස් කාරයෙක් ඉදිරිපත් වේ. ඔහුට අනුව මේ වනවිට ප්‍රධාන සැකකරුවත් අසුවී නැති මේ පරීක්‌ෂණය විස`ඳී හමාරය.
මේවා අහන දකින අපට තවත් බොහෝ දේ කියන්නට සිතේ. එහෙත් මෙපමණක් සෑහෙනු ඇතැයි හ`ගිමු. මහත්වරුනි, අපි සියල්ල පිළිගත්තෙමු. මේ කොල්ලය පිටුපස කිසිම දේශපාලන බලපෑමක් නැත. මේ කොල්ලයට කෞතුකාගාරයේ කිසිම කෙනෙක් අහම්බයෙන් හෝ සම්බන්ධ නැත. මේ හුදු කුඩුකාරයෙකුගේම වැඩකි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසන ආකාරයටම කුඩුකාරයා අත්අඩංගුවට ගෙන නැතත් ප්‍රශ්නය විසඳා හමාරය. දැන් අපට පුන්නක්‌කු බාල්දියක් හා තණකොල මිටියක් දෙන්න. දැනට එය පමණක් ප්‍රමාණවත්ය.
By:Divaina

No comments:
Post a Comment