2012-08-31

අඹු සැමි ගැටුම පොලිස්‌ පොතට යද්දී පැරණි පෙම්වතා "මඟුලක්‌" කන්න හදලා පැහැරගෙන ගිය කත පැරණි පෙම්වතාගේ නිවසින් සොයාගනී

විවාහ වී මාස අටකට පසු සිය සැමියා සමඟ දබර වී පොලිසියට පැමිණ යමින් සිටි 21 හැවිරිදි කාන්තාවක්‌ ඇයගේ පැරණි පෙම්වතා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ත්‍රිවිල් රථයකින් ගෙන යමින් සිටියදී දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අඹු සැමි යුවලගේ පැමිණිල්ල කළුතර දකුණ පොලිසිය විසින් විභාග කිරීමෙන් අනතුරුව ඇය නාගොඩ නිවසට යමින් සිටියදී මෙසේ පැරණි පෙම්වතා විසින් ඇයව පැහැරගෙන යන අතරතුරදී කාන්තාව විසින් සිය පියාට දෙන ලද දුරකථන ඇමතුමක්‌ අනුව ඇයව දොඩන්ගොඩ පොලිසිය විසින් මෙසේ පැරණි පෙම්වතාගෙන් බේරාගෙන ඇත.
මෙම කාන්තාව පැහැරගෙන ගිය පුද්ගලයාව දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථාධිපති පොලිස්‌ පරීක්‌ෂක ලලිත් පත්මකුමාර කොස්‌තාපල්වරුන් වන 55348 දන්දෙනිය 13993 පෙරේරා යන මහත්වරු වැඩිදුර පරීක්‌ෂණ පවත්වති.

බාලවයස්‌කාර දැරියට කන්ටේනරයකදී අතවර කළ පුද්ගලයා අල්ලයි

මාතලේ පොලිස්‌ වසමට අයත් මාතලේ කොහොඹිලිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14 ක්‌ වයසැති දැරිවියකට එකී ප්‍රදේශයේදී කන්ටේනරයක්‌ තුළ අතවර සිදුකළ බව කියන පුද්ගලයකු හා එකී ලිංගික අතවරය සිදු කිරීමට අදාළ කන්ටේනර් රථය දීම හා එයට අනුබලදීමේ චෝදනාව මත එම කන්ටේනර් රථය හිමි අයකුද මාතලේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක කීර්ති රණවීර මහතාට ලද තොරතුරකට අනුව කාන්තා හා ළමා කාර්යාංශ පිළිබඳ පොලිස්‌ පරීක්‍ෂිකා ධම්මිකා කරුණාරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස මාතලේ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‍ෂක කීර්ති රණවීර මහතාගේ උපදෙස්‌ පරිදි මාතලේ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

2012-08-30

මිදි ගෙඩි තුන කළ අනවින




හෙදියක්‌ ලෙසින් සුවහසක්‌ වූ රෝගී ජීවිත සුවපත් කරන්නට නිරතුරු කැපවී සිටින දයාබර මවකට තම සිඟිති දියණිය තමා සේවය කරන රෝහලේදීම මළ සිරුරක්‌ සේ දකින්නට හැකි වුවහොත් ඇතිවන කම්පනය හා වේදනාව කෙතරම්ද? කෙතරම් අමිහිරි වුවද එවැන්නක්‌ සිදුව තිබේ. මේ එම කතාවයි.
කොස්‌ගම අරපන්ගම ගම්මානයම කඳුළින් නහවා පිපීගෙන එන රෝසමලක්‌ බඳු හත් හැවිරිදි ගිම්හානී සත්සරා නම් වූ සිඟිති දියණිය ආහාරයට ගත් මිදි ගෙඩි හිරවීමෙන් 26 දා මරණයට පත්වී තිබිණි.
මියගිය සිඟිති දියණියගේ මිත්තනිය -

ඇමරිකානු හමුදාවේ ශ්‍රී ලාංකිකයා ඇෆ්ගනිස්‌ථානයේදී දිවි පුදයි




ශ්‍රී ලංකාවේ ඉපිද අවුරුදු 13 දී ඇමරිකාවට සංක්‍රමණය වූ ඇමරිකානු යුද හමුදාවේ බලලත් නිලධාරියකු ලෙස සේවය කළ 29 හැවිරිදි සුරේෂ් කෲස්‌ ඇෆ්ගනිස්‌ථානයේදී මරුමුවට පත්වී ඇත.

මේ ඇමරිකානු යුද හමුදා නිලධාරියා ගමන්ගත් බ්ලැක්‌හොර්ක්‌ හෙලිකොප්ටරය කන්දහාර් නුවරදී කඩා වැටීම නිසා ඔහු සමග ගමන්ගත් ඇමරිකානු භටයින් 7 දෙනකු හා ඇෆ්ගන් ජාතිකයන් හතර දෙනකුද මෙහිදී මරණයට පත්වී ඇත.
තලේබාන් සංවිධානය ප්‍රකාශ කරන්නේ තමන් මේ හෙලිකොප්ටරය බිම දැමූ බවත්ය.

2012-08-29

පොලිසියට බාධා කළැයි ඇල්ලූ ජනප්‍රිය ගායකයාට ශරීර ඇප

පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධා කරන ලදැයි කියන සිද්ධි දෙකකට අදාළව ඊයේ (28 වැනිදා) කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා නමැත්තා ශරීර ඇප දෙකක්‌ මත මුදාහැර තිබේ.

1997 වසරේදී කළුතර දකුණ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ අතර එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින් ඔහු ඊයේ (28 වැනිදා) කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25,000 ක ශරීර ඇප මත මුදාහරිමින් ඔහුට ඔක්‌තෝබර් මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

මේ අතර ඊයේ (28 වැනිදා) උදේ රියෑදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය හා රක්‍ෂණ සහතික නොමැතිව රිය ධාවනය කිරීම, ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කිරීම සම්බන්ධයෙන් චෝදනා මත පයාගල පොලිසිය විසින් ඔහු කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් නාමල් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී චූදිත අමල් පෙරේරා නමැත්තා චෝදනාවන්ට නිවැරැදිකරු බව ප්‍රකාශ කළේය.

එහිදී ඔහු රුපියල් 50,000 ක ශරීර ඇපමත මුදාහරින ලෙස නියෝග කළ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා සැප්තැම්බර් මස 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.

කළුතර දකුණ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ, පයාගල පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක වැදිසිංහ යන මහත්වරු සමග පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ගුණේන්ද්‍ර (55301), අමරනාත් (64407), කුමාර (62405), ධර්මරත්න (10212) යන නිලධාරීහු චූදිත අමල් පෙරේරා අධිකරණයට ඉදිරිපත් කළහ.

ඩී.එස්‌. ට කුරක්‌කන් දමක්‌ ගෙල පැළඳවූ අර්නෝලිස්‌ට දැන් අවුරුදු 103 යි


ලංකාවේ නිදහසට පෙර හා පසු යුග ගණනාවක දේශපාලන, ආර්ථික සහ සමාජ විපර්යාසයන් දැක, ඉන් බොහොමයක්‌ මතකයේ රඳවාගත් වයෝවෘද්ධ ගොවි මහතකු ඉකුත්දා සිය 103 වැනි ජන්ම දිනය පසු කළේය.

අම්බලන්තොට, බැරගම, මහආර ලිපිනයේ පදිංචි හෙතෙම එච්. ජී. එA. අර්නෝලිස්‌ අප්පුහාමිය. ක්‍රි.ව. 1909 මැයි 23 දින උපන් ඔහු විවාහකය. දරුවන් 8 දෙනෙකි. මුනුබුරු මිනිබිරියන් 15 දෙනෙකි. මී මිනිබිරියන් 14 දෙනෙකි. බිරිඳ මීට බොහෝ කලකට පෙර මියගොස්‌ ඇති ඔහුට තදබල අසනීප ගතියක්‌ නැත. දරු මුනුබුරන්ගේ සැලකුම් ලබමින් විවේකීව කාලය ගත කරයි. මස්‌ මාංශ ආදියෙන් තොර සරල ආහාරයක්‌ යෑපුම් මට්‌ටමට ගනී. තම කටයුතු තනිව කර ගැනීමට වාරු ඇති අතර කතා කරන විට වචන පැටලිලි සහිත වුවද මතකය නොසිඳී පවතී.

මම මේ පළාතට ආවේ 1940 ජුලි 23 වැනිදා. මමත් සමග තවත් 140 දෙනෙක්‌ ආවා. ඩී.එස්‌. මහත්මයා බැරගම ගොවි ජනපදය ආරම්භ කරල එහි මුල් පදිංචිකරුවන් වශයෙන් අපිව තෝරාගත්තා. මේ 140 දෙනාගෙන් ඉතුරු වෙලා ඉන්න එකම එක්‌කෙනා මම විතරයි.

මෙම ජනපදලාභීන්ට කුඹුරු අක්‌කර 5, ගොඩබිම් අක්‌කර 3, උදළු, නගුල්, නිවස, හරකබාන, පැළ වර්ග ආදිය සියල්ල නොඅඩුව රජය විසින් ලබාදුන්නා. අලි, කොටි, වග වලසුන් ගහන මහ රූස්‌ස ගස්‌ සහිත කැලය සුද්ධ පවිත්‍ර කොට සරුසාර කෙත් බිම් බවට එAවා පත් කළ උදාර මෙහෙයට දායක වූ පරපුරක අන්තිමයා වන අර්නෝලිස්‌ මහතා ජාතියේම උපහාරයට බඳුන් විය යුතු අයෙකි.

මම කුරක්‌කන් අක්‌කර 3 කුත්, කපු අක්‌කර 1 කුත්, කෙසෙල් අක්‌කර 1 කුත්, කුඹුරු ඉඩමේ ඉස්‌සෙල්ලාම වගා කළා. එහි ප්‍රථම අස්‌වැන්නෙන් මහ සේනානායක මහත්මයාට සංග්‍රහ කළා.

ඩී. එස්‌. තමන් ක්‍රියාත්මක කළ ගොවි ජනපද ව්‍යාපාරයේ ප්‍රගතිය දැක බලාගන්නට බැරගම පැමිණියේය. බැරගම හතරමං හන්දියේදී කුරක්‌කන් දමක්‌ ගෙල පළ¹ එතුමා පිළිගෙන ඇත්තේ අර්නෝලිස්‌ මහතාය. ඔහු සඳහන් කරන පරිදි දවල් ආහාරය සඳහා ඩී.එස්‌. ට මීකිරි, කුරක්‌කන් පිට්‌ටු හා කිතුල් පැණි පිළිගන්වන ලද්දේය. අද එය ඔහු සිහිපත් කරන්නේ හද පිරි සතුටිනි.

By:Divaina

2012-08-27

දැරිය අපහරණය කළ තරුණයා රිමාන්ඩ් නිසි රැකවරණය නොදුන් මව හා පියාත් රක්‍ෂිතයට

පහළොස්‌ හැවිරිදි බාලවයස්‌කාර පාසල් දැරියක්‌ අපහරණය කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධව විසිහතර හැවිරිදි වියේ පසුවූ තරුණ පෙම්වතාත් මේ සඳහා නවාතැන් ලබාදුන් පෙම්වතාගේ නැන්දා හා දැරියට නිසි රැකවරණය ලබානොදීම සම්බන්ධව මව හා පියා පෝද්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරිය උඩුගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. තරුණ පෙම්වතා තෙලිකඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඉකුත් 08 වැනි දින මෙම දැරිය දෙමවුපියන්ගේ වධ හිංසා ඉවසා දරා ගැනීමට නොහැකිව සිය ඥති මාමා කෙනෙකුගේ නිවසේ නතර වී තිබේ.

2012-08-26

කුණාටුවකට කලින් මුහුද හරිම නිහඬයි,ඒ නිශ්ශබ්ද බව මහ විශාල පෙරළියක සලකුණක් - සේනක විජේසිංහ

රංගනය, සටන් කලාව, දේශපාලනය යන ක්ෂේත්‍රවල වරින් වර සිය භූ®මිකාව රඟ දක්වමින් ප්‍රේක්ෂක හදවත් හි රැඳුණු චරිතයක් වන සේනක විජේසිංහ මෑත කාලයේ අපේ නෙත් මානයෙන් ඈත් වූ බවක් දැනෙන්නට විය. මේ පිළිබඳවත් ඔහුගේ අනාගත කටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳවත් ඔහු මෙසේ අපට පැවසීය.
ටික කාලෙක සිට ඔබ නිහඬ ඇයි?
එක කාරණයක් තමයි 2006 දී මට වුණු රිය අනතුරෙන් පසුව වැඩ රාජකාරි විශාල වශයෙන් අඩුවීම. අනෙක සමස්තයක් ලෙස මෙගා නාට්‍ය කලාව නවතීවිය කියා හිතූ නිසා එයට විරෝධය දක්වා වසර පහක් තිස්සේ මගේ ප්‍රධාන ආදායම් මාර්ගයෙන් මට බැහැර වෙන්න සිදුවුණා. ඇත්තම කීවොත් මාව බැහැර කළා. ඒ සමහර විට මා කී දේ වැරදියට තේරුම් ගත් නිසා වන්නත් පුළුවන්.
අනෙක මම අධ්‍යක්ෂණය කළ සටන්, නැටුම් ආදී සියල්ල අයත් ටෙලිනාට්‍ය තුනක් පමණ වසර හත අටක් තිස්සේ එක් නාළිකාවක විකාශය කරගත නොහැකිව මාෆියාවකට කෙනෙහිලිවලට අහුවෙලා නිසාත් මේ දිනවල මාව දකින්න ලැබෙන්නේ නැහැ.
ඊළඟට පිට අධ්‍යක්ෂවරුන්ගේ ටෙලිනාට්‍යවල රඟපෑවත් කරුමෙකට ඒවා විකාශය වන්නේ නෑ. ඒ නිසයි මා නිහඬ යැයි ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ.

ඔය නෙතු හැඬවූ තරම් ඔබ පෙම් කෙරූ තරම්

මම හිතනවා මේ තමයි මගේ කාලය කියලා. මේ දිනවල වැඩියෙන්ම ඇහෙන ගීත වැඩි ගණනක පද සංකල්පනා මගේ නිර්මාණයි. මම ලියන ලියන හැම ගීතයම ජනපි‍්‍රය වෙනවා. සාහිත්‍යමය වටිනාකමක් ඇතුව සරලව ලියනවා නම් රසිකයින්ගේ හදවත්වලට එවැනි ගී ඉක්මනින් සමීප වෙනවා.
එලෙස පවසමින් මෙවර “ගී මිහිර” ගෙනෙන්ට අප හා එක්වෙන්නේ නව පරපුරේ ගී පද රචකයකු වන ඩිලාන් ගමගේ ය. ඩිලාන් පවසන්නේ සැබෑවකි පසුගිය දිනවල අපට නිතර ඇසුණු “වෙන් වී දැන් යන්න ඉතින්” (චාමික සිරිමාන්න) - “මේ ඇස් දිහා බලන්” (ශිහාන් මිහිරංග) “දුන්නු වේදනා” (නිරෝෂා විරාජිනි) - “ළං ළං වෙලා” (නොයෙල් රාජ්) වැනි ගීතවල සංකල්පනා හිමිකරු ඩිලාන් ය.
එම ගී අතරින් “ඔබ තරම් පෙම් කළ කිසිවෙක්” ගීතයට හිමි වී ඇත්තේ විශේෂ තැනකි. වර්තමාන සමාජයේ ඇතැම් පෙම්වතුන්ට සිය පෙම්වතියගේත් ඇගේ ආදරයේත් අගය දැනෙන්නෙත් තමන් ද ඇයට පෙම් කළ බව වැටහෙන්නෙත් ඇය අහිමි වී යාමෙන් පසුවයි. එවැනි පෙම්වතුන් වෙනුවෙන් ලියැවුණු “ඔබ තරම්” ගීතයේ සංකල්පනාව පිළිබඳව ඩිලාන් “රසඳුන” සමඟ කළ කෙටි පිළිසඳර මෙසේ ය.

“මගේ මිතුරෙක් උන්නා නිදහසේ සැහැල්ලුවේම ඉන්න කැමැති. දුරකථනයෙන් ඇමතූ තරුණියක් සමඟ මිතුරු වී සිටි ඔහු ටික කාලයකින් ඇගේ පෙම්වතා වුණා. ඇය ඔහුට පෙම් කෙරුවේ පුදුමාකාර විදිහට. නිතරම දුරකථනෙන් අමතා කෑව ද, බිව්ව ද, සුවෙන් ද, සතුටින් ද කියා සොයා බලනවා. ඒත් මගේ මිතුරාට එය කරදරයක් වගේ දැනෙන්න වුණාම ඔහු වෙනත් තරුණියකට ළං වෙන්න ගත්තා. හැබැයි කලින් පෙම්වතිය ඒ බව දන්නේ නැහැ. එමෙන්ම දෙවැනි මිතුරිය සමීපව ඇසුරු කළාට එය පේ‍්‍රම සම්බන්ධයක් දක්වා දුර ඇසුරක් වුණෙත් නැහැ.”

2012-08-25

දිඟු දෑස දුටුවාම - හැඟෙනවා පෙරසේම උන්නු හැටි මගෙ ගාව - ඔය හිතට අමතකද...


ඇත්තටම රොමේෂ්ට ඇයව අමතක කරන්නට බැරිලු. ඒ වෙන හේතුවක්‌ නිසා නෙමෙයි අවුරුදු දහයක්‌ ඇයට පෙම්කළ නිසා. අවුරුදු දහයක්‌ පෙම් කරපු රොමේෂ් පසුගිය දවසක ඇයව සහේට ගත්තා. ඇය නමින් වින්ධ්‍යා ඔමාලි හේරත්. ඉතිං අපි රොමේෂ්ගේ ආදර කතාව වගේම සංගීත දිවිය ගැන ඔබට ලියන්න අදහස්‌ කළා.

රොමේෂ් මේ දිගු දෑස බලලා කොච්චර කල්ද?

අවුරුදු දහයක්‌ වෙනවා.

ඔමාලිව ඔය හිතට අමතක කරන්නට බැරිද?

අපොයි බැහැනේ.

ඒකද ඇයව ජීවිතයට ළංකරගන්න හිතුවේ ?

ඔව්. මොකද අපි දෙන්නා අඳුරන්නේ පුංචි කාලේ පටන්. ඔමාලි මට ගොඩක්‌ ආදරෙයි. මගේ ජීවිතය ඉදිරියට යන්න එයාගේ ආදරය ඉවහල් වුණා. ඒකයි ජීවිතයට ළං කරගන්න හිතුවේ.

කිසිම පිරිමියෙක්‌ ෂුවර් නෑ......අනර්කලී ආකර්ෂා

තනිවම ඉන්න මම තීරණය කරල ඉවරයි

රංගන ජීවිතයේ මෙන්ම දේශපාලන කරලියේද දිදුළන තරුවක්‌ වන අනර්කලී ආකර්ෂා මේ දිනවල කලා නිර්මාණවලත්, දේශපාලන වේදිකාවෙත් එක ලෙස කාර්ය බහුල වී සිටින්නීය. එහෙත් ඇගේ ආදරණීය රසික රසිකාවියන් වෙනුවෙන් "මීවිත" සමඟ කතාබහකට එක්‌වීමට ඇය පසුබට නොවූවාය. දේශපාලන වැඩවලට යන එන අතරතුරදී ඇය අපට හමුවිය.

කොහොමද අනර්කලී මේ දවස්‌වල කාලය ගතවෙන්නේ...?

දේශපාලන වැඩවලට මුල් තැන දීලා තිබෙනවා. මොකද මැතිවරණ කටයුතු තිබෙන නිසා.

ඒ වුණාට ටෙලි නාට්‍යයක රූගත කිරීම්වලටත් ඔබ නොවරදවාම සහභාගි වෙනවා නේද...?

ඔව්, "ඉටිමල්" ටෙලිනාට්‍යය මේ දිනවල රාත්‍රි 8.30 ට ස්‌වර්ණවාහිනී නාලිකාවෙන් විකාශය වෙනවා.

"ඉටි මල්" ටෙලිනාට්‍යයේ චරිතයට ඔබ වඩාත් කැමැතියි නේද?

ඔව්. ඒකේ "පූජා" ලෙසයි මම රඟපාන්නේ. ඒ චරිතය මගේ ජීවිතයට ටිකක්‌ සමීපයි.

චිත්‍රපටවලට සම්බන්ධ වුණේ නැද්ද...?

රෝයි ද සිල්වාගේ "It's a matter of love "චිත්‍රපටයේ රඟපෑවා. ළඟදීම තිරගත වේවි.

කටුගෙයි කොල්ලයේ සැකකරුවන් හසුවීමෙන් අනතුරුවය...අනේ අපොයි!!!!!

මහත්වරුනි! තවත් කියන්න... අප අහන් ඉන්නම්!
අපට දැනෙනා ආකාරයට මේ කුඩුකාරයා අතිවිශේෂ කුඩුකාරයෙකි. "සික්‌ එකට" ගෙයකට පැන මොනවා හෝ හොරකම් කරන කුඩුකාරයෙකුගේ අසලකින්වත් ඔහුව තැබිය හැකි නොවේ. ඔහු සූක්‌ෂමය. සැලසුම් සහගතය. ලෝකයේ සිටින සැලසුම් සහගත විචක්‌ෂණම කුඩුකාරයා ප්‍රියන්ත මැන්ඩිස්‌ දැයි සිතෙන තරමටම බුද්ධිමත්ය.


දැන් අප මේ කතාවට සවන් දීමට සූදානම් විය යුතුය.

රටේ ආරක්‌ෂක මර්මස්‌ථානයක හෙවත් අධිආරක්‌ෂිත කලාපයක පිහිටි කොළඹ ජාතික කෞතුකාගාරය බිඳ අතිශයින් වටිනා කෞතුක භාණ්‌ඩ තොගයක්‌ රැගෙන කිසිම හෝඩුවාවක්‌ ඉතිරි නොකර පසුගිය මාර්තු 17 වැනිදා සෙනසුරාදා අතුරුදන්වූ දක්‌ෂ කුඩුකාරයා දැන් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

එදා කෞතුකාගාරය බිඳ මේ දක්‌ෂ කුඩුකාරයා සොරකම් කළ භාණ්‌ඩ අතර රන් කාසි 93 කුත්, වසර දෙදහස්‌ පන්සීයක ඉතිහාසයක්‌ සහිත ජාතියක්‌ සතුව තිබූ වසර එක්‌දහස්‌ හත්සියයක්‌ පමණ පැරණි මිල කළ නොහැකි එකම එක හස්‌මුද්දත්, රන් සමරු කාසි තුනක්‌, මහනුවර යුගයට අයත් කාසි සහ සමරු කාසි පනහකුත්, කොපුව සහිත කඩු පහක්‌ හා කොපුව රහිත කඩු තුනකුත්, රන් රිදී පිත්තල වලින් නිර්මිත මුදු දහඅටක්‌ හා පුරාණ බස්‌තමක උඩ කොටස්‌ දෙකකුත් නුගවෙල අදිකාරම්ගේ රන්මුවා කෙඳිවලින් කළ බඳපටිත් විය. මේ සියල්ල හොරකම් කරගෙන විදුලි බුබුලක්‌ සේ ආලෝකවත් කර ඇති ජාතික කෞතුකාගාරයේ දෙවන මහලෙන් ඇඳ රෙද්දක්‌ ආධාරයෙන් බැස, භූමිය හරහා ඇවිදගෙන ගොස්‌ හෙතෙම අතුරුදන් වී තිබුණේය.

යෝගට්‌ වලට වස දමා තම පවුලම මරා දැමු අජාසත්ත පුතෙක්‌!


"ප්‍රශාන්ත් කුමාරස්‌වාමි" සේවය කළේ කොළඹ පිහිටි පෞද්ගලික ඖෂධ සමාගමකය. හෙතෙම ජීවත්වීමට තරම් සෑහෙන වැටුපක්‌ උපැයූවෙකි. කොටගල දිඹුල පදිංචිකරුවකු වූ "ප්‍රශාන්ත්" කොළඹ වැල්ලවත්ත, රාමක්‍රිශ්ණා ටෙරස්‌හි රාමක්‍රිශ්ණා මහල් නිවාස සංකීර්ණය පිටුපස පිහිටි තෙමහල් නිවසක පහත මාලය කුලියට ගෙන පදිංචිවන්නේ
රැකියාවට යාම් ඊම් කිරිමේ පහසුව තකාය.

ප්‍රශාන්ත් සමග සේවය කරන මිතුරෙකුට කිසියම් අවශ්‍යතාවයකට ඔහු සම්බන්ධ කරගැනීමේ වුවමනාව මතු වී තිබිණි. පසුගිය සිකුරාදා (17 දා) ඔහු දිගින් දිගටම ප්‍රශාන්ත්ගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදුන්නද එය ක්‍රියාවිරහිත කර තිබිණි. එහෙත් මිතුරාට ප්‍රශාන්ත් හමුවිමට දැඩි අවශ්‍යතාවක්‌ තිබූ නිසා එදා කළේ ප්‍රශාන්ත්ගේ ඥති සොහොයුරෙකු වන "නිකලස්‌ ජෙබමාලෙයි" ඇමැතීමය. එමෙන්ම ප්‍රශාන්ත්ගේ මිතුරා ජෙබමාලෙයිට පවසා සිටියේ දින කිහිපයක සිට ප්‍රශාන්ත්ගේ දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බවය. ඒ නිසාම ඔහු සම්බන්ධ කරගත හැකි ක්‍රමයක්‌ සකස්‌ කර දෙන ලෙසද මිතුරා ජෙබමාලෙයිගෙන් ඉල්ලා සිටියේය.

මී මාධ්‍යවේදියා


විදුලි බල ඇමති චම්පික රණවක මහතා පසුගියදා මාධ්‍ය සාකච්ජාවක් පවත්වන අතරෙදී මීයෙක් පැමිනීම කාගෙත් අවධානයට ලක්වී තිබුණා.
 
මාධ්‍ය සාකච්ජාව ඇරඹීමත් සමඟ මාධ්‍යවේදීන්ගේ පුටු අස්සෙන් මෙම මීයා පැමිණීමත් සමඟ එහි සිටි කාන්තා මාධ්‍යවේදිනියන් කෑගසමින් පැන දිවීම කවුරුත් සිනහගැස්වීමට සමත් වුනා.

පසුව චම්පික ඇමතිවරයා වාඩි වී සිටි ස්ථානයේ ඔහුගේ හිසට උඩින් තිබූ පුවරුවක් වෙත නැගගත් මීයා මාධ්‍ය හමුව අවසන් වනතුරුම සිටි ඉරියවුවෙන්ම සිටි බවයි පැවසෙන්නේ.

මාධ්‍ය හමුව අවසාන වන විට මෙම සිද්ධිය කාගේත් හාස්‍යයට ලක් වූ අතර එයට සහභාගී වූ ඇතැමෙක් පැවසූවේ මදුරු උවදුර මර්ධනයට මෙන්ම මී උවදුර මර්ධනයටත් රජය විසින් වහා පියවර ගත යුතු බවයි.
By: Gossip9 

මගේ සැමියා හරිම ආදරවන්තයි - සඳනි සුලක්නා



පුංචි අවදියේම පුංචි තිරය හරහා රංගනයට පිවිසුණු සඳනි මේ වන විට රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණ ඇත. මේ දිනවල විකාශය වන ‘මලී’ ටෙලිනාට්‍යයේ මදුරංගිගේ චරිතය නිසා සඳනි බොහෝ ප්‍රේක්ෂක ආදරයට ලක්ව සිටින්නීය. පසුගිය දිනක සඳනි තම ජීවිත පොතේ නව පිටුවක් පෙරළුවාය. ඒ පිළිබඳවත් ඇයගේ නවතම තොරතුරු පිළිබඳවත් විමසීමට මෙවර “තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයට අපි සඳනි සුලක්ඛනා එක්කර ගතිමු.
සඳනි ඉතින් කොහොමද? මොනවද මේ දවස්වල කරන කලා කටයුතු?
සතුටින් සහ සැහැල්ලුවෙන් මේ දවස්වල කාලය ගෙවනව. පසුගිය දවස්වල “මලී” ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් අවසන් වුණා. සෑහෙන කාලයක් මම මලී ටෙලි නාට්‍යය එක්ක වැඩ කළා. මේ දවස්වල මම වෙනත් කලා කටයුත්තකට සම්බන්ධ වී නැහැ.
’මලී’ ටෙලිනාට්‍යයේ ‘මදුරංගි’ට ගොඩක් දෙනෙක් ආදරය කරන්න ඇති නේද?
ඇත්තෙන්ම ඔව්. මම හිතන විදියට ‘මලී’ ටෙලි නාට්‍යයට ආරම්භයේදී ප්‍රේක්ෂකයින් විශාල සංඛ්‍යාවක් නොසිටියත් කොටස් කීපයක් යන විට පුදුම විදිහට මේ ටෙලිනාට්‍යය වටා ප්‍රේක්ෂකයින් එකතු වුණා. ඒ, පිටපතේ සුන්දර බව සහ අධ්‍යක්‍ෂවරයාගේ දක්ෂතාව නිසා ‘මලී’ ටෙලිනාට්‍යයට ප්‍රේක්ෂකයින් ආදරය කළා වගේම “මදුරංගි” චරිතයටත් ප්‍රේක්ෂකයින් ආදරය කළා. මම හරිම සතුටින් ඒ ටෙලිනාට්‍යයේ වැඩ කළේ.
ඔබ ප්‍රේක්ෂකයින් අතරට වඩාත් ගිය ටෙලිනාට්‍යයේ චරිතය කුමක් කියාද ඔබ හිතන්නේ?
”වාසනාවේවා” ටෙලි නාට්‍යයේ උත්තරාගේ චරිතයට ලංකාව පුරා සිටි ප්‍රේකෂකයින් ගොඩක් ළංවුණා.
”සිහින පුරය” ටෙලිනාට්‍යයේ ඔබ කළේ තරමක් වෙනස් චරිතයක් නේද?

කුමාර රණපුර දියණි විවාහ වූදා


සිංහල සිනමාවේ මෙන්ම පුංචි තිරයේ ද සටන් නළුවකු වන කුමාර රණපුරගේ දියණිය ජනිත්‍රි මධූෂා රණපුර හා නාලක තුෂාර විජේවික්‍රම විවාහය පසුගිය ජූලි 25 වැනිදා අරලියගහ මැදුරේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි
මෙහිදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය ජීවන් කුමාරතුංග විවාහයට අත්සන් තැබූහ.
පසුගිය අගෝස්තු 02 වැනිදා පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී කලාකරුවන් වෙනුවෙන් ප්‍රිය සම්භාෂණයක් පැවැත්විණි. එම අවස්ථාවට කලාකරුවන් රැසක් සහභාගි වී සිටියහ.



2012-08-24

පැණි බීම බිව්වා විතරයි මට සිහි නැතිවුණා

ලක්‍ෂ ගාණක රත්‍රංවලට වෙච්ච දෙයක්‌ නෑ
මුහුදේ ගල් පර අතරේ හිර වී දිවි බේරාගත්- දිනේෂ් ෂර්මා කියයි


"කොල්ලුපිටියේදී හමු වූ තරුණයන් තිදෙනා කඩයකින් අරගත් පැණි බීම බෝතලයක්‌ මට බොන්න දුන්නා. ඒ බෝතලය බීවා විතරයි මට මතක. ගල් පර අස්‌සේ සීතල මුහුදු සුළං සමග මුහුදු වතුර ඇඟේ වදින නිසා මම වට පිට බැලුවා කොහේද ඉන්නේ කියලා. මා සමග සිටි විශ්වවිද්‍යාල මිතුරන් දෙදෙනාත් නැහැ. පැණි බීම දුන්න තරුණයනුත් නැහැ. රෑ තිස්‌සේ වරින්වර මම දැඟලුවා ගල් අතරින් උඩට එන්න. නමුත් වරින් වර මට සිහිය නැතිවුණා. මගේ ජීවිතේ වැඩිම කාලයක්‌ ගතවුණේ මුරුගන් (කතරගම) දෙවියන් උදෙසා. මට දැඩි විශ්වාසයක්‌ තිබුණ මුරුගන් දෙවියන් මගේ ජීවිතය බේරාගන්නා බව. මට මෙච්චර දෙයක්‌ වෙලත් මම බේරුණේ මුරුගන් දෙවියන්ගේ කරුණාව රැකවරණය මට ලැබුණු නිසයි."

ඉකුත් 18 වැනිදා සෙනසුරාදා කොල්ලුපිටිය මුහුදු තීරයේ මුළු රැයක්‌ පුරා ගල්පරයක සිර වී සිටි දිනේෂ් ෂර්මා තරුණයා "දිවයින"ට ඊයේ (23 දා) දහවල් එසේ පැවැසීය. ඉකුත් 19 වැනිදා දහවල් මෙම තරුණයා බේරා ගැනීමෙන් අනතුරුව කොල්ලුපිටිය පොලිසිය මැදිහත් වීමෙන් කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර කිරීම සඳහා ඇතුළත් කර තිබිණි.


2012-08-22

තුන්වැන්නෙක් ගැන හිතන්නෙ ලබන අවුරුද්දෙලු

 
හිමාලි සයුරංගි මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකම චරිත මවනවා. දක්‍ෂ නිවේදිකාවක ලෙසත් නමක් දිනා සිටින ඇය මේ දවස්වල මොකද කරන්නේ කියා සොයා බලන්න හිතුණා. මේ නිසාම හිමාලිට අපි දුරකතනයෙන් කතා කළා.
හිමාලි සයුරංගි මේ දිනවල ටෙලිනාට්‍ය කිහිපයකම චරිත මවනවා. දක්‍ෂ නිවේදිකාවක ලෙසත් නමක් දිනා සිටින ඇය මේ දවස්වල මොකද කරන්නේ කියා සොයා බලන්න හිතුණා. මේ නිසාම හිමාලිට අපි දුරකතනයෙන් කතා කළා.
”මේ දවස්වල නම් විවේකීව නිවෙසට වෙලා කාලය ගත කරනවා. වැඩි වශයෙන් ම මගේ මහත්තයගෙ ‘ඇඩ් ලැන්ඩ්’ ප්‍රඩක්ෂන් හවුස් එකේ වැඩකටයුතු වෙනුවෙන් වෙහෙසෙනවා. රඟපාන්න තරම් හොඳ නිර්මාණයක් තවම ලැබුණෙ නැහැ. හොඳ නිර්මාණයකට දායක වෙන්න බලාගෙන ඉන්නවා. ඒ වගේ සුපුරුදු විදිහට ඉඩ ලැබෙන පරිදි නිවේදන කටයුතු වලටත් දායක වෙනවා.”
”තුන් වැන්නෙක් ගැන තවම හිතුවෙ නැත්ද හිමාලි?” අපි තවත් පැනයක් ඇයට යොමු කළ. (හිමාලි සිනාසෙයි) ඒ ගැනත් ලබන වසරේ මුල හිතා බලන බව ඇය කීවා.

ඒ කතාව ගැන මට හිතාගන්නවත් බෑ-රුවන්ගී රත්නායක



ළඟදීම දිවයින පුරා සිනමාහල්වල තිරගතවීමට නියමිත ‘ජීවිතය ලස්සනයි’ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ඇයයි. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ගණනාවකින්ම අප හමුවට එන රුවන්ගී ස්වර්ණවාහිනී නාළිකාවේ වැඩසටහන් දෙකක් ඉදිරිපත් කිරීමට ද දායක වන්නීය. ‘තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයට අප ඇයව එක්කර ගත්තේ ඇයගේ කලා දිවිය පිළිබඳවත් ඇයගේ අනාගත බලාපොරොත්තු පිළිබඳවත් තොරතුරු දැන ගැනීමේ අරමුණෙනි.
ඉතින් කොහොමද රුවන්ගී...? හොඳින් ඉන්නවා.
”රූපගත කිරීම් කීපයකටම සහභාගී වන නිසාත් සතිපතා රූපවාහිනී වැඩසටහන් දෙකක් ඉදිරිපත් කරන්න දායක වෙන නිසාත් මේ දවස්වල තරමක් කාර්ය බහුලයි. මේ දවස්වල නාලන් මෙන්ඩිස් මහතාගේ ටෙලිනාට්‍යයේත්, චන්දන ධර්මපි‍්‍රයගේ මල් දෙවැට, පි‍්‍රයන්ත කොළඹගේගේ “සොඳුරු ගිම්හානය”, “සිටුමැදුර” කියන ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වෙනවා.
ඔබ ගමෙන් පැමිණි කලා ශිල්පිනියක්.........?
”ඔව් මගේ ගම කුරුණෑගල. මීට අවුරුදු දෙකකට පමණ කලිනුයි කොළඹට ආවෙ. ඒ කලා කටයුතු නිසාමයි. දැන් අපි පදිංචි වෙලා ඉන්නෙ නුගේගොඩ.”
එතකොට ඔබ පාසල් ගියෙ...?
මම පාසල් ගියේ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා මහා විද්‍යාලයට. පාසල් යන කාලෙත් මම කලා කටයුතුවලට සම්බන්ධ වුණා. වැඩියෙන්ම යොමු වුණේ නැටුම්වලට සහ පාසලේ විවිධ උත්සවල නිවේදන කටයුතුවලට. රඟපෑමට පාසල් යන කාලෙ යොමු වුණේ නෑ. නර්තනය මම සාමාන්‍ය පෙළ දක්වා විෂයක් ලෙස හැදෑරුවා.”

2012-08-20

ඒක අහඹු සිදුවීමක්



2011 දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා තරගාවලියේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වුයේද ඇයයි. ඉන් අනතුරුව ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිසිණි.
පසුව රංගන ශිල්පිනියක ලෙස පුංචි තිරයේ දස්කම් දක්වන්නටත් ඇයට අවස්ථාව උදාවිණි. මේ දිනවල තුන්මං තැන්න සහ රිදී සිත්තම් යන ටෙලි නාට්‍ය තුළින් ද ඇගේ රංගන හැකියාවන් දැක ගත හැකිය.

Miss world 2012

fï jif¾ f,dal rE /ðK f,i Ökfha hQ fjfkishd Bfha lsre¿ oerejd' weh 23 yeúßÈh' ix.S; .=re mqyqKqj yodrkakshls'

 

fuu ;r.fha§ fojeks ;ek fõ,aihg;a f;jeks ;ek ´iafÜ%,shdjg;a ysñjqKd' Ökfha fudkaf.da,shdkq k.rhla jQ ´¾fvdaiays meje;ajQ fujr f,dal rE /ðK ;r.dj,shg rgj,a 116 la iyNd.S jQ w;r ,xldfjka .sfha iquqÿ m%idÈkSh

2012-08-19

මහත ගෑනු ළමයින්ට පෙම් කිරීම තහනම්ද?-රූකාන්ත - චන්ද්‍ර‍ලේඛා දියණිය අසයි

රයිනි චාරුකා මෑත කාලයේදී ඉහළම ජනප්‍රියත්වය ලැබූ ගී කිහිපයකටම හඬ මුසු කළ ගායිකාවකි. ‘සිංහාවලෝකන’ චිත්‍රපටය තුළින් ඇය රංගනයටද එක් විය.
රූකාන්ත හා චන්ද්‍ර‍ලේඛාගේ දියණිය ලෙස ක්‍ෂේත්‍රයට පැමිණි ඇය වර්තමානය වන විට තමාගේම අනන්‍යතාවය තුළින් කලා ලොව තුළ නමක් ගොඩනගාගැනීම සුවිශේෂී කරුණකි.
සිංහාවලෝකනය තිරගත වුණාට පස්සේ දැන් රයිනිට රඟපෑමට ආරාධනා ලැබෙන්නෙ නැද්ද ?
මොකද නැත්තෙ ලැබෙනවා. ඒත් මම ඒ ලැබුණු ආරාධනා ප්‍රතික්‍ෂේප කළා.
ඇයි ඒ ?
මම ඇමෙරිකාවේ අධ්‍යාපනය හදාරනවා. හැම අවුරුද්දකම මාස තුනකට විතරයි ලංකාවේ ඉන්නේ. ලැබුණු ආරාධනා ප්‍රතික්‍ෂේප කරන්න වුණේ කාලය නිසා. ඔය අතරේ මගෙ නිවාඩු කාලය තුළ රඟපාන්න පුළුවන් චිත්‍රපටයක් ලැබුණා. නමුත් ඒ චරිතය මට ගැළපෙන්නෙ නැති හින්දා ප්‍රතික්‍ෂේප කළා.
ආරාධනා ලැබුණා. ප්‍රතික්‍ෂේප කළා කියන එක නළු නිළියන් ‍පොදුවේ කියන කතාවක්. හැබැයි ඒ විදියට ප්‍රතික්‍ෂේප කරපු නිර්මාණ ගැන අහද්දී ඒ අය උත්තර දෙන්නෙ නැහැ ....?
මම ප්‍රතික්‍ෂේප කරපු නිර්මාණ වෙන නිළියන් දාලා කළොත් ඒක මම ප්‍රතික්‍ෂේප කළ එකක් කියල කියන එක ඒ නිළියටයි නිර්මාණයටයි හොඳ නැහැ.
ඒ ප්‍රතික්‍ෂේප කළ නිර්මාණයේ චරිතය මොන වගේද?
බටහිරට ගොඩක් නැඹුරු සංකීර්ණ චරිතයන්. ඒකේ ඇඳුම් පැළඳුම් වගේම සමහර ජවනිකාවලටත් මම එකඟ වුණේ නැහැ.ඒ වුණත් රයිනි ඇමෙරිකාවේ හැදුණු කෙනෙක් ?

බාගෙට අඳින චරිතයකින් මාව දකින්න බැහැ...


එදිනෙදා ජීවිතයේදී පිරිමි විලාසයෙන් හැසිරෙන ගැහැනු චරිත අපට ඕන තරම් හමුවෙනවා. එහෙත් ඒ හමුවීම පිළිබඳ අප කතා කරන්නේ ඒ මොහොතේදී පමණයි. නමුත් පුංචි තිරයේදී අප ආදරය කරන චරිතයක්‌ මේ දිනවල පිරිමියෙක්‌ ලෙසින් රඟපානවා නම් අපි ඒ ගැන කතා කරන්නේ ඉතාමත් ඕනෑකමින්. ඒ අයුරින් මේ දිනවල පුංචි තිරයේ පිරිමි වෙස්‌ ගෙන ජනමාධ්‍යවේදිනියක්‌ ලෙස රඟන ඉරේෂා රණසිංහ පසුගිය දිනක අපිට මුණගැසුණා.
කවදා ඉඳලද පිරිමි වෙස්‌ ගත්තේ?

මානවී ලෙසින් කැමරාව ඉදිරියට ආ මුල්ම දවසෙ ඉඳලා.

සැබෑ ජීවිතේ ඉරේෂාත් මානවීට සමානද?

අපෝ නැහැ. ජීවිතේ හැම ප්‍රශ්නෙකදීම ගැහැනියක්‌ විදිහට තමයි මුහුණ දෙන්නේ. හැබැයි කාට වුණත් මූණට දෙයක්‌ කියන්න තියෙනව නම් දෙපාරක්‌ හිතන්නේ නැහැ කෙලින්ම කියලා දානවා.

රංගනය විනෝදාංශයක්‌ කරගන්න පුළුවන්ද?

මම නිර්මාණයක්‌ භාරගත්තොත් ඒ චරිතය හොඳට ඔළුවට අරගෙන තමයි රඟපාන්නේ. එහෙම නැතිව කරන්නන් වාලේ නාට්‍ය ගොඩක්‌ බදාගෙන රඟපාන්නේ නැහැ.

ඔබේ රංගනයන් ගැන ඔබේ තීරණය කොහොමද?

මග තොටේදී මුණගැහෙන ප්‍රේක්‍ෂකයන්ගෙන් වගේම ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරු, රංගන ශිල්පීන් සහ මගේ වටේ ඉන්න පිරිසගෙන් අහන්න ලැබෙන පැසසුම් නිසයි මම කියන්නේ.

2012-08-16

අනුරාධපුරේ වඳින්න ගිහින් වෙච්ච දෙයක්.

පහළොස් හැවිරිදි පෙම්වතිය පානදුරේ සිට අනුරාධපුරයට රැගෙන ගොස් කෙළෙසී යැයි සැකපිට 19 හැවිරිදි පෙම්වතා කොළඹ කොටුව උසාවියේ දී ලබන 24 වැනි දා වනතුරු රිමාන්ඩ් කැරිණි. වැඩිහිටි අනුදැනුම මත ඇය පෙමවතා සමග යන්නට ඇතැයි සැකකෙරේ. දැරිය ගැලැවීමේ හමුදා බාරයට පත් කැරිණි.