පහළොස් හැවිරිදි බාලවයස්‌කාර පාසල් දැරියක් අපහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධව
විසිහතර හැවිරිදි වියේ පසුවූ තරුණ පෙම්වතාත් මේ සඳහා නවාතැන් ලබාදුන් පෙම්වතාගේ
නැන්දා හා දැරියට නිසි රැකවරණය ලබානොදීම සම්බන්ධව මව හා පියා පෝද්දල පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන ඇත.
මෙම දැරිය උඩුගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. තරුණ පෙම්වතා තෙලිකඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඉකුත් 08 වැනි දින මෙම දැරිය දෙමවුපියන්ගේ වධ හිංසා ඉවසා දරා ගැනීමට නොහැකිව සිය ඥති මාමා කෙනෙකුගේ නිවසේ නතර වී තිබේ.
ඉකුත් 19 වැනිදා එම නිවසෙන්ද මෙම දැරිය පැනගොස් තිබෙන අතර දැරියගේ දෙමවුපියන් දැරිය ගැන සොයා බැලීමක් කොට නොතිබූ බව පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණය වී ඇත.
මොවුන් ගාල්ල ප්‍රධාන මහෙස්‌ත්‍රාත් යූ. එස්. කලංසූරිය මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු තරුණ පෙම්වතාත් දැරියගේ මව පියා හා පෙම්වතාගේ නැන්දම්මා ලබන මස 05 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමටත් දැරිය පරිවාස භාරයට පත්කරන ලෙසත් නියෝග කළේය.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වාස් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත පෝද්දල පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති ධම්මික හපුගොඩ මහතා ඇතුළු නිලධාරීන් විසින් සැකකරුවන් හා කාරියන් අත්අඩංගුවට ගෙන තිබිණි.

No comments:
Post a Comment