පොලිසියේ රාජකාරි කටයුතුවලට බාධා කරන ලදැයි කියන සිද්ධි
දෙකකට අදාළව ඊයේ (28 වැනිදා) කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කළ ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා නමැත්තා
ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ.
1997 වසරේදී කළුතර දකුණ පොලිසියේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවට පෙනී නොසිටීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබූ අතර එම වරෙන්තුව ක්‍රියාත්මක කරමින් ඔහු ඊයේ (28 වැනිදා) කළුතර ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 25,000 ක ශරීර ඇප මත මුදාහරිමින් ඔහුට ඔක්‌තෝබර් මස 8 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
මේ අතර ඊයේ (28 වැනිදා) උදේ රියෑදුරු බලපත්‍රය, ආදායම් බලපත්‍රය හා රක්‍ෂණ සහතික නොමැතිව රිය ධාවනය කිරීම, ගාල්ල-කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කිරීම සම්බන්ධයෙන් චෝදනා මත පයාගල පොලිසිය විසින් ඔහු කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් නාමල් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහිදී චූදිත අමල් පෙරේරා නමැත්තා චෝදනාවන්ට නිවැරැදිකරු බව ප්‍රකාශ කළේය.
එහිදී ඔහු රුපියල් 50,000 ක ශරීර ඇපමත මුදාහරින ලෙස නියෝග කළ අතිරේක මහෙස්‌ත්‍රාත්වරයා සැප්තැම්බර් මස 25 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කළේය.
කළුතර දකුණ මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත වෙදගේ, පයාගල පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක වැදිසිංහ යන මහත්වරු සමග පොලිස් කොස්‌තාපල්වරුන් වන ගුණේන්ද්‍ර (55301), අමරනාත් (64407), කුමාර (62405), ධර්මරත්න (10212) යන නිලධාරීහු චූදිත අමල් පෙරේරා අධිකරණයට ඉදිරිපත් කළහ.

No comments:
Post a Comment