
ලංකාවේ නිදහසට පෙර හා පසු යුග ගණනාවක දේශපාලන, ආර්ථික සහ සමාජ විපර්යාසයන් දැක, ඉන් බොහොමයක් මතකයේ රඳවාගත් වයෝවෘද්ධ ගොවි මහතකු ඉකුත්දා සිය 103 වැනි ජන්ම දිනය පසු කළේය.
අම්බලන්තොට, බැරගම, මහආර ලිපිනයේ පදිංචි හෙතෙම එච්. ජී. එA. අර්නෝලිස් අප්පුහාමිය. ක්‍රි.ව. 1909 මැයි 23 දින උපන් ඔහු විවාහකය. දරුවන් 8 දෙනෙකි. මුනුබුරු මිනිබිරියන් 15 දෙනෙකි. මී මිනිබිරියන් 14 දෙනෙකි. බිරිඳ මීට බොහෝ කලකට පෙර මියගොස් ඇති ඔහුට තදබල අසනීප ගතියක් නැත. දරු මුනුබුරන්ගේ සැලකුම් ලබමින් විවේකීව කාලය ගත කරයි. මස් මාංශ ආදියෙන් තොර සරල ආහාරයක් යෑපුම් මට්‌ටමට ගනී. තම කටයුතු තනිව කර ගැනීමට වාරු ඇති අතර කතා කරන විට වචන පැටලිලි සහිත වුවද මතකය නොසිඳී පවතී.
මම මේ පළාතට ආවේ 1940 ජුලි 23 වැනිදා. මමත් සමග තවත් 140 දෙනෙක් ආවා. ඩී.එස්. මහත්මයා බැරගම ගොවි ජනපදය ආරම්භ කරල එහි මුල් පදිංචිකරුවන් වශයෙන් අපිව තෝරාගත්තා. මේ 140 දෙනාගෙන් ඉතුරු වෙලා ඉන්න එකම එක්‌කෙනා මම විතරයි.
මෙම ජනපදලාභීන්ට කුඹුරු අක්‌කර 5, ගොඩබිම් අක්‌කර 3, උදළු, නගුල්, නිවස, හරකබාන, පැළ වර්ග ආදිය සියල්ල නොඅඩුව රජය විසින් ලබාදුන්නා. අලි, කොටි, වග වලසුන් ගහන මහ රූස්‌ස ගස් සහිත කැලය සුද්ධ පවිත්‍ර කොට සරුසාර කෙත් බිම් බවට එAවා පත් කළ උදාර මෙහෙයට දායක වූ පරපුරක අන්තිමයා වන අර්නෝලිස් මහතා ජාතියේම උපහාරයට බඳුන් විය යුතු අයෙකි.
මම කුරක්‌කන් අක්‌කර 3 කුත්, කපු අක්‌කර 1 කුත්, කෙසෙල් අක්‌කර 1 කුත්, කුඹුරු ඉඩමේ ඉස්‌සෙල්ලාම වගා කළා. එහි ප්‍රථම අස්‌වැන්නෙන් මහ සේනානායක මහත්මයාට සංග්‍රහ කළා.
ඩී. එස්. තමන් ක්‍රියාත්මක කළ ගොවි ජනපද ව්‍යාපාරයේ ප්‍රගතිය දැක බලාගන්නට බැරගම පැමිණියේය. බැරගම හතරමං හන්දියේදී කුරක්‌කන් දමක් ගෙල පළ¹ එතුමා පිළිගෙන ඇත්තේ අර්නෝලිස් මහතාය. ඔහු සඳහන් කරන පරිදි දවල් ආහාරය සඳහා ඩී.එස්. ට මීකිරි, කුරක්‌කන් පිට්‌ටු හා කිතුල් පැණි පිළිගන්වන ලද්දේය. අද එය ඔහු සිහිපත් කරන්නේ හද පිරි සතුටිනි.
By:Divaina
No comments:
Post a Comment