මාතලේ පොලිස් වසමට අයත් මාතලේ කොහොඹිලිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14 ක් වයසැති
දැරිවියකට එකී ප්‍රදේශයේදී කන්ටේනරයක් තුළ අතවර සිදුකළ බව කියන පුද්ගලයකු හා එකී
ලිංගික අතවරය සිදු කිරීමට අදාළ කන්ටේනර් රථය දීම හා එයට අනුබලදීමේ චෝදනාව මත එම
කන්ටේනර් රථය හිමි අයකුද මාතලේ මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක කීර්ති රණවීර මහතාට ලද
තොරතුරකට අනුව කාන්තා හා ළමා කාර්යාංශ පිළිබඳ පොලිස් පරීක්‍ෂිකා ධම්මිකා කරුණාරත්න
මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගත්
පිරිස මාතලේ මූලස්‌ථාන පොලිස් පරීක්‍ෂක කීර්ති රණවීර මහතාගේ උපදෙස් පරිදි මාතලේ
මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.
No comments:
Post a Comment