විවාහ වී මාස අටකට පසු සිය සැමියා සමඟ දබර වී පොලිසියට පැමිණ යමින් සිටි 21
හැවිරිදි කාන්තාවක් ඇයගේ පැරණි පෙම්වතා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ත්රිවිල්
රථයකින් ගෙන යමින් සිටියදී දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අඹු සැමි යුවලගේ පැමිණිල්ල කළුතර දකුණ පොලිසිය විසින් විභාග කිරීමෙන් අනතුරුව ඇය නාගොඩ නිවසට යමින් සිටියදී මෙසේ පැරණි පෙම්වතා විසින් ඇයව පැහැරගෙන යන අතරතුරදී කාන්තාව විසින් සිය පියාට දෙන ලද දුරකථන ඇමතුමක් අනුව ඇයව දොඩන්ගොඩ පොලිසිය විසින් මෙසේ පැරණි පෙම්වතාගෙන් බේරාගෙන ඇත.
මෙම කාන්තාව පැහැරගෙන ගිය පුද්ගලයාව දොඩන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර කළුතර දකුණ පොලිසියේ අපරාධ අංශයේ ස්ථාධිපති පොලිස් පරීක්ෂක ලලිත් පත්මකුමාර කොස්තාපල්වරුන් වන 55348 දන්දෙනිය 13993 පෙරේරා යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.